saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4490 hours ago

LATEST

ජපානය, පසුගිය අනුශූරයින්ට නිර්භීත ‌සටනකින් පරදිති

calendar_today 2022 දෙසැ 05 - 23:15 remove_red_eye - 596  

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගියවර අනුශූරයින් වූ ක්‍රොයේෂියාවට ඉතා තියුණු සටනක් දී පරාජයට වීමට ආසියානු කලාපය ජපානයට සිදුවිය.

පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරනු ලැබ තිබේ.

Read More

වත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයන් ජියැන්ග් සෙමින්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

Read More

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම තනතුරුවලින් ඉවත්වන ලෙස විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

මෙරට සිදු වූ සීනි බදු වංචාව පිළිබඳ වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අපරාධ විමර්ශන ඒකකය දැනුම්වත් කර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම සාක්‍ෂි සහ තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රැඳී සිටි වෛද්‍ය කණ්ඩායම තහවුරු කිරීමෙන් පසුව චීනය ෂෙන්ෂෝ-14 මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක බව ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා නායකත්වයේ ශක්තිය සහ මුදල් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ හරහා කඩිනම් ආර්ථික ප්‍රබෝධයක් ළඟා කර ගැනීමට රජයේ ‍කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය නියෝජිතායතන බෙහෙවින් පැහැදී ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) උප සභාපති Shixen Chen මහතා පවසයි.

Read More

මහ කන්නයේ ග්‍රාමීය ගොවීන්ට නොමිලයේ ලබාදීමට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 9300ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චංග් මහත්මිය සඳහන් කරයි.

Read More

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10ක් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව පවසයි. ඒ අනව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420කි. කෙසේ වෙතත් අනෙනකුත් ඉන්ධන වර්ගයන්හි මිල ගණන්වල වෙනසක් සිදුනොවෙයි.

Read More

ගම්පහ, මිරිස්වත්ත නගරයට නුදුරු වැරැල්ලවත්ත ප්‍රදේශයෙහි ගැවසෙන නරි රංචුවක් හේතුවෙන් බියට පත්ව සිටින බව එම ප්‍රදේශවාසීන් පවසයි.

Read More

හොරොව්පොතාන මොරගොඩ මූකලාන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ ළිදක් අද (05) අළුයම සම්පූර්ණයෙන්ම ගිලා බැස තිබේ. මෙලෙස ගිලා බැස ඇත්තේ හොරොව්පොතාන මොරගොඩමූකලාන පදිංචි කේ.ජී.දිසානායක මහතාගේ නිවසේ ඉදිකර තිබූ ළිඳකි.

Read More

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සිදුවන ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලි ට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ධුරයට ඉතාම සුදුසු පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගැනීම තම පාර්ශ්වය විසින් ගන්නා ලද නිවැරදි තීරණයක් බවට තමන් සිතන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරුණු මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද (05දා) පෙරවරුවේ එම විද්‍යාලයේදී පවත්වනු ලැබීය.

Read More

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර ඇත.

Read More

ලෝක බැංකු ණය යටතේ මිල දී ගන්නා ලද තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සහිත නෞකාවක් අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මත්ද්‍රවය ජාවාරමේ නිරතවූ ඉතාලි ජාතිකයෙකුට මිගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩි .පි පි රත්නායක මහතා අද (5දා) බරපතල වැඩ සහිතව ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළේය

Read More

මල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපන ශාලාවක් තුල තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගෙන යන 42 හැවිරිදි කාන්තාවක්, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මේ වන විට පවතින ගුවන් යානා කිහිපයකම කල්බදු කාලය අවසන් වන බවත් ඒ අනුව ලබන වසරේදී කල්බදු ක්‍රමය යටතේ ගුවන් යානා කිහිපයක් ලබාගැනිමට කටයුතු කරන බවත් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා ඊයේ (04දා) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබීය.

Read More

මෙම වසර තුළ මේ වන විට අලි- මිනිස් ගැටුමෙන් වන අලි මරණ 395 ක් හා මිනිස් මරණ 127 ක් වාර්ථා වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

අලියා විතරක් නෙමෙයි හෙණ්ඩුවත් එක්ක ගත්තේ. අලියත් ඉන්නවා හෙණ්ඩුවත් තියෙනවා. තව අලි පෝලිමේ එනවා. එතකොට අලි රෑනම අපි ළඟ. බයවෙන්න එපා. හොඳ අලි. අලින්ගෙත් වර්ග ඉන්නවා. අර උඩවලවේ ඉන්නවා හිඟන අලි. එහෙම අලි නෙමෙයි. හොඳට කරඬුව අරගෙන යන ශක්තිවන්ත අලි තමයි ගන්නේ. එහෙම අලි තමයි දැන් ඇවිත් ඉන්නේ.

Read More

මේ රටේ හොරකම් කරන ව්‍යාපරිකයෙක් ඉන්නවනම් ඒ් හැම ව්‍යාපාරිකයෙක්ම දේශපාලඥයෙක්ගේ රැකවරණය යටතේ ඉන්නේ. දේශපාලනය රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි හොරකම් කරන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි මේ රටට විදේශ රටවලින් ගෙනත් කුණු ගොඩ ගහන්නේ.

Read More

විදුලි කෝෂ මගින් ක්‍රියාකරන ධීවර යාත්‍රාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නිරික්ෂණයට ලක්විය.එසේ නිරික්ෂණයට ලක්කල ධිවර යාත්‍රාව සාගරයට දියත් කිරීම සදහා අත්හදා බැලිම අමාත්‍යවරයාගේ ප්‍ර ධානත්වයෙන් ඊ‍යේ (04දා) පානදුර ධිවර වරායේදි සිදු කෙරිණි.

Read More

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලද පරිදි ගාස්තු සංශෝධනයකින් ලංවිමේ අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

නාවික හමුදාව ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (05දා) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් විසි දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද (5දා) අලුයම සිට උදැසන අට පමන වනතුරු දැඩි මීදුම් තත්වයක් පැවති බව ජනතාව පවසති.

Read More

විදෙස් සංචාරකයින් 481 දෙනෙකු රැගත් AZAMARA QUEST මගී නෞකාව අද (05දා) හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දු විය.

Read More

තමා ජනපතිධුරයේ කාර්ය මණ්ඩල නඩත්තුව සම්බන්ධයෙන් පුවත්පත්වල හා ඇතැම් රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල පළකල ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව සඳහන් කරමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.