ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ සමීපතම ගෝලයෙකු වන බස්නායකලාගේ දොන් රොෂාන් චතුර්ක නැමැති පුද්ගලයා අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වෙමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ද සනාථ කළේය.
මොහු 33 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අලුයම 04.00 ට සාජා සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැක සිටි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් , ආගමන විගමන නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ .
ඉන්පසුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ කොළඹ පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථානය වෙත මෙම පුද්ගලයා රැගෙන විත් තිබේ .
මොහු මත්ද්‍රව්‍ය අලෙවිය සහ කප්පම් ගැනීම මෙන්ම කෙහෙල්බද්දර පද්මෙ ගේ පියා වන නෙවිල් ගේ ඝාතනයට සහ දුනුමාලේ සරත් ගේ ඝාතනයට ද සම්බන්ධ බවට පොලිසිය සැක කරන අතර මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
