නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව කැළණිවැලි දුම්රිය මාර්ගයේ නුගේගොඩ හා මහරගම දුම්රිය ස්ථාන අතර ස්ටැන්ලි තිලකරත්න පාර දුම්රිය හරස් මාර්ගය, නුගේගොඩ හා මහරගම දුම්රිය ස්ථාන ඩී. එම් කොළඹගේ මාවත දුම්රිය හරස් මාර්ගය සහ පැඟිරිවත්ත පාර දුම්රිය හරස් මාර්ගයේ එම නඩත්තු කටයුතු සිදුකිරීමට නියමිතය.
දුම්රිය මූලස්ථානය නිවේදනයක් මගින් මෙලෙස වසා තැබෙන කාලය තුල එම හරස් මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන් වෙත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ඉල්ලීමක් කර තිබේ.