ලබන වසරේ ජනවාරි මස 1 දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු අනුපාතය සියයට 18ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් හා ප්‍රාථමික ශේෂ ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවන පරිදි මෙසේ වැට් බදු අනුපාතය වැඩි කිරීමට නියමිතය.
එසේම මේ වන විට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්ති හේතුවෙන් රාජ්‍ය බදු ආදායම 2022 වසරෙ මුල් මාස 9 හා සැසදීමේදී 2023 වසරේ මුල් මාස 9දී සියයට 51කින් ඉහළ ගොස් ඇති බවද රජය පවසයි.