ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාම් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (01දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ඇය සමග දූත පිරිස ලෙස තවත් එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද පැමිණ සිටියහ.
ඔවුන් 11/01 දින උදෑසන 08.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළේ සිට මහනුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .