බෝකුන්දර සිපෙට්කෝ ඉන්ධනහලට මුද්‍රා තබයි
පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (30) රාත්‍රී මුද්‍රා තැබීමට පියවර ගත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
ඒ අනුව ඉන්ධනහලේ සියලු ඉන්ධන පොම්ප මුද්‍රා තබා ප්‍රධාන දත්ත කාඩ්පත එහි පැමිණි විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන සැපීමේදී අක්‍රමිකතාවයක් සිදුවන බවත් රාත්‍රී කාලයේද විදුලිය විසන්ධි කර එම අක්රමිකතාවය ජයටම සිදුකරන බව ට ලද පැමිණිල්ලක් අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය පරීක්ෂක දොන් ප්‍රසන්න දිල්රුක් ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ මූලික පරීක්ෂණ සිදුකර මුද්‍රාව තැබීමට පියවර ගෙන ඇත.
අනතුරුව ඛනිජ තෙල් සංස්ථාවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාව සඳහා ද යොදවා ඇත.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය පරීක්ෂකවරයා පිලියන්දල පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

