මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද 01 වනදා සවස් කාලයේ සිට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය අද 01 සවස නැවතත් ජලයෙන් යටවිය.
අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම හේතුවෙන් නගරය ජලයෙන් යට වූ අතර පැය කිහිපයක් වාහන ගමනාගමනයදට බාධා එල්ල වී තිබිණ.
මාසයක් වැනි කාලයත් තුල අකුරණ නගරය ජලයෙන් යට වු තෙවන අවස්ථාව මෙයයි.
නගරය ජලයෙන් යටවිම හේතුවෙන් ඒ ආශ්රිත පහත් බිම්ද ජලයෙන් යටවන අතර දැඩි හානිද සිදු වෙයි. වසර 35 කට වැඩි කාලයත් මේ සඳහා විවිධ විසඳුම් ලබා දුන්නද ඒ එකදු විසඳුමකින්වත් ප්‍රයෝජනයක් නොවි ඇති අයුරු දිනෙන් දින නගරය ජලයෙන් යටවිමෙන් පෙනේ'

