වසර 12ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් තම මුදල්වලින් ඩොලර් බිලියන 56.5ක් විදේශීය රටවල තැන්පත් කර ඇති බවත් එම මුදල් වංචනිකව උපයන ලද මුදල් නොවන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
"වසර දොලහක් තුළ මේ රටේ ව්‍යාපාරිකයින් අපේ රටේ මුදල් ඩොලර් බිලියන 56.5 ක් විදේශිය රටවල්වල තැන්පත් කර තිබෙනවා. එම මුදල් ඒ ව්‍යාපාරිකයින් වංචනිකව උපයන ලද මුදල් නොවෙයි. එම මුදල් රටට ගෙන ඒම සිදු නොකල නිසා ආර්ථිකය කඩා වැටුණා.
අපේ රටේ මුදල් විදේශිය රටවල තැන්පත් කළ ව්‍යාපාරිකයින් අද වෙනත් රටවල ව්‍යාපාර ආරම්භ කරලා. එම මුදල් අපේ ආණ්ඩුවට අයිතියි. 2006 වසරේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමෙන් පසුව මෙම තත්වය ඇති වුණා. එදා ඔහු පත් කරන අවස්ථාවේ මම ඊට විරුද්ධ වුණා.
මම එවකට සිටි රාජ්‍ය බැංකු කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන්න ඒ සිද්ධියත් එක කරුණක් බවට පත් වුණා. 2016 විදේශ විනිමය පනත ඉදිරිපත් කිරීමත් සමග වැරදි ක්‍රියාවක් කරමින් සිටි ව්‍යාපාරිකයින්ට තවදුරටත් එය සිදු කිරීමට මාර්ගයක් බවට පත් වුණා.
දැන් මේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති අවස්ථාවේ විදේශිය රටවල සගවා තැන්පත් කර ඇති මුදල් ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්"