විදේශ ආධාර මත නතර වී ඇති සියලු ව්‍යාපෘති ලබන වර්ෂයේ ජනවාරි මස සිට අරඹන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
දැනට මහාපරිමාණ වශයෙන් කුමන ස්ථානයක හෝ පාරවල් ඉදිනොවන බව පෙන්වා දුන් කැබිනට් ප්‍රකාශකවරයා ගංවතුර හා වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් ඉතා විශාල වශයෙන් අබලන් වූ ස්ථාන වල ඉතාම කුඩා පැලැස්තරයක් දැමීම සඳහා පමණක් විශේෂ කැබිනට් පත්‍රිකාවකින් කුඩා මුදලක් සොයාගෙන පවත්වාගෙන යන බවද පැවසුවේය.
මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ලබන අයවැය ලේඛණයට ඉදිරිපත් කර ඇතැයිද මේ සෑම පාරකටම මූල්‍ය ප්‍රතිපාදන වැඩි ප්‍රමාණයක් ඉතිහාසය පුරාම ලබාදී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන් බව සිහිපත් කළ අමාත්‍යවරයා මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සියලු ගෙවීම් නතර කර ඇතැයිද පැවසුවේය.
විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන තෙක් පාරවල් මාර්ග සම්පූර්ණයෙන්ම අබලන්වී ගියද ආසියානු සංවර්ධන බැංකුව මුදල් නොදෙන බව පැවසූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය ලැබී මෙම වසර තුළ කෙසේ හෝ විදේශ ණය ප්‍රතිව්‍යූහගත වන බවට රජය වශයෙන් ස්ථිර ලෙස විශ්වාස කරන බවද අවධාරණය කළේය.