saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4486 hours ago

LATEST

ලබන වසරේදී ඖෂධ හිඟයක් නෑ

calendar_today 2022 දෙසැ 06 - 19:02 remove_red_eye - 242  

මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළඹෙන වසර වන විට හිගයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. ඒ සදහා කෙටි කාලීන, දිගු කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළ රැසක් ගෙන ඇතැයිද එමෙන්ම විවිධ අංශ ඔස්සේ ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000ට අදාළව තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක් රැගත් කොස්කෝ සමාගමට අයත් ෂින් හොං කොං නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

Read More

දුම්රිය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත්, එය අධිකාරියක් බවට පත්කර ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පුද්ගලයින්ගෙන් වකුගඩු ඇතුළු ශරීර අවයව ලබාගෙන ජාවාරමක් සිදුකළැයි කියන සිද්ධියට සම්බන්ධ බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන්ට විදේශ ගතවීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය වකුගඩු ජාවාරමේ සැකකරුවකු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අද (06දා) නියම කළාය.

Read More

මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේ පුහුණුවීම් කටයුතු වල නිරත වෙමින් සිටි හමුදා සෙබළකු යුද ටැංකියක ගැටී මියගොස් තිබේ.

Read More

මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය රුපියල් 50,000 මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.

Read More

ආයතන සභාපතිවරු සිව් දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත්වීම් වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

විරෝධතාවයක් අතර තුර පොදු දේපොලවලට හානි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිකා විජේබණ්ඩාර මහත්මිය අද (6දා) නියෝග කළාය.

Read More

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් පවසති.

Read More

පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති බෙදාහැරි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙක් හොරණ මිල්ලනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

විදෙස් රටක නිශ්පාදිත දුම්වැටි 2640 ක් නීතිවිරෝධීව ගෙන්වා සඟවාගෙන සිටි පුද්ගලයෙකු යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ (05දා) සවස අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

Read More

ධීවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසයි.

Read More

පයාගල ඇලගහවත්ත මුහුදු වෙරළට පැමිණි දැවැන්ත කිඹුලෙකු ධිවර ජනතාව විසින් අල්ලා ගැට ගසා තිබේ.

Read More

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

රජයේ සේවකයින් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම විශ්‍රාම ගතයුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ලබන ජනවාරි මාසයේ විදුලි බිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු බවත් එසේ නොවුණ හොත් ලබන වසරේදී අනිවාර්යයෙන්ම පැය 6-8ක විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනු ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

Read More

ඉතා දුර්ලභ ගනයේ පුරා විද්‍යා වටිනාකමින් යුතු කිරිගරුඬ සමාධී බුද්ධ ප්‍රතිමාවක් කන්දකැටිය ගෝඩුන්න දික්කුඹුර ප්‍රදේශයේ නිවසකදී රුපියල් ලක්ෂ 80ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයන් තිදෙනකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (06දා) ළි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

Read More

මෙවර මහ කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ බන්ඩි පොහොර (MOP – Muriate of Potash) ප්‍රමාණයම එකවර ඊයේ දිනය (05) තුළ රටට ලැබිනි. වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනට ( Mahaweli Water Security Investment Programme) අයත් මුදල් ප්‍රතිපාදන වැය කරමින් මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර මිල දී ගැනීමට එම අමාත්‍යාංශය පියවර ගත්තේය.

Read More

මේ හරහා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසිරුවාහැරීමට නියමිත බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍වරයා සඳහන් කළේය.

Read More

ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

දිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍ර දේශයේදී සිය බාල සහෝදරයා ඝාතනය කළ සැකකරුවෙක් හසලක නිල පොලිස් සුනඛ අංඹයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න මහතා විසින් හසුරුවන ලද ෂැගී නම් නිල සුනඛයාගෙන් ඉව ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලීසි කියයි.

Read More

බොරැල්ල පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

බොරතෙල් නැව දෙකකට ඩොලර් ගෙවීමට නොහැකි වීම නිසා දිනකට ඩොලර් ලක්‍ෂ 03ක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, මේ වනවිට මෙම නැව් දෙක මෙරටට පැමිණ දින 04ක් ගත වී තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ද.කොරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැණීමට බ්‍රසීලය සමත්විය. මෙය දෝහා හි 974 ක්‍රීඩාංගණයේදි පැවැත්විණි‍.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ ජපානයට අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ් පසුගියවර අනුශූර ක්‍රොයේෂියාව හමුවේ දඩුවම් පහර 3-1 ක් ලෙසිනි.

Read More

නයිට්‍රේට් පොහොර භෘවිත කිරීම සීමා කරමින් හරිත ගොවිතැනට මාරුවීමට ගොවීන්ට බලකිරීම සමග රජය සහ ගොවීන් අතර මත ගැටුමක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.