යාපනය, කල්වියන්කාඩු, ජී.පී.එස් ක්රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අද (14) දින අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
මෙලෙස මියගිය පුද්ගලයා නව හැවිරිදි දැරියක අපයෝජනය කර ඇති බවට වූ ඇති වූ සැකයක් මත දැරියගේ ඥාතීන් පිරිසක් පුද්ගලයා පැහැරගෙන ගොස් ගොඩනැගිල්ලේ රදවාගෙන ප්රශ්න කරමින් පහරදී ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජී.පී.එස්. ක්රීඩාංගණය අසල මියගිය පුද්ගලයකුගේ සිරුරක් ඇති බවට කෝපායි පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව කෝපායි පොලිසිය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරික්සණයක් සිදුකරනු ලැබීය.
එහිදී පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු හා කාන්තාවන් දෙනෙකු සැකපිට අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
අදාල ඥාතීන් විසින් සැකකාර පුද්ගලයාට ප්රශ්න කිරීම්වලින් පසුව මාරන්තික පහරදීම් සිදුකොට ඇති බවට පොලීසිය සැක පලකර සිටින අතරම එලෙස පහරදීම් වලින් මියගොස් ඇත්තේ යාපනය, කෝපායි ප්රදේශයේ පදිංචි කනපතිපිල්ලෙයි මහේන්ද්රන් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.