ලුනුගල ශ්‍රී රාම ක්රිෂ්ණ මහා විද්‍යාලයේ ,අපොස උසස්පෙළ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි ලුනුගල පොලිසිය පවසයි .
ලුනුගල සෝලන්ඩ්ස් තේවත්තේ නිල නිවසක් තුළදී (14) දා දහවල් මෙසේ මියගොස් ඇත්තේ විජේකුමාර් බබිලාශිනී (19) නමැති ශිෂ්‍යාවකි .
සිද්ධිය වන අවස්ථාවේ වත්තේ කාර්මික නිලධාරියෙක් වන පියා රැකියාවට ගොස් තිබූ අතර මව නගරයට ගොස් තිබූ බවත් ගෙදර කවුරුත් නැති අවස්ථාවේ ගෙල වැලලාගෙන ඇති බවත්විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය .
ඉදිරිකාමරයේ දොරපියනක් ඇර මෝල්ගසේ එක කෙලවරලක් දොරපියනේද අනෙක් කොන අල්මාරියකද රදවා පුටුවක් මත නැග (ඇදුමකට අයත් සෝල් )රෙදි පටියකින් ගෙල වැලාගෙන පුටුවෙන් පැන ඇතැයි සැක කරන බවද පොලිසිය සඳහන්කළේය .
ඇය විසින් ලියන ලදැයි සැකකරන ලිපියක් මේසය මත තිබී හමුවී ඇති අතර එහි සදහන්ව ඇත්තේ දෙමාපියන්ට බරක් වීමට ඇකමැති බැවින් සිය දිවිනසාගත් බව යැයි . පැවසේ .
මෙම දැරියගේ සොහොයුරියක් විශ්වවිද්යාලයකද සහෝදරයා කාර්මික විද්‍යාලයකද ඉගෙනුම ලබති .
බදුල්ල කොට්ඨාශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත ලුනුගල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත චන්ද්‍ර සේකර මහතාගේ මෙහෙයවීම යටතේ ලුනුගල පොලිසිය වැඩිදුර විමර්ශ සිදුකරයි .
පාලිත ආරියවංශ