විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මේසේ බේරාගෙන ඇත්තේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.
දැරියක පාසලේ බිත්ති දෙකක සිරවී සිටින බවට කළුතර ආපදා කළමාණාකරණ සහකාර අධ්යක්ෂක කර්නල් අරවින්ද අමරසේකර මහතා සහ කළුතර දකුණ පොලිසියේ දැනුම් දීමෙන් ගිනි නිවන භඨයින් හයදෙනෙකු ආපදා ගිලන් රථයකින් ස්ථානයට ළගාවී තිබේ.
විදුහලේ වැසිකිලි පද්ධතිය සහ තාප්පය අතර දැරිය සිරවි සිට ඇති බවත්, කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ආපදා ගිලන් රථයක් ළගාවී ස්පැඩර් නමැති සූක්ෂම උපකරණයක් ආධාරයෙන් හයිඩ්රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලබදී දැරිය බේරාගත් බව එහි ප්රධාන ගිනි නිළධාරී ඕ.වී.අයි. පී. ලක්ෂාන් මහතා පැවසීය.
කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ යුධහමුදාව සෙබළුන් පිරිසක්ද සහායට ස්ථානයට ළගාවී ඇති බවද පොලිසිය පැවසීය .
ඩී.අයි.සී.කුමාර , කේ.ඒ.සී. ජයනාත්, ඒ එල් ඊ පී පෙරේරා , එම් . ඩී සමීර සහ ඩබ්ලිව්. බී .ආර් ජේ පෙරේරා යන ගිනි භඨයින් මෙහෙයුමට එක්ව ඇත.
පානදුර සුමිත් පොතුපිටිය