හජ්ජි උත්සවයේදී කලපු තීරයෙහි පැවති මුදලට සිදුවූ ක්‍රීඩාවක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අතරතුර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා අලි සබ්රි මන්ත්‍රිවරයා අතර වචන හුවමාරුවක් ඇති වීම හේතුවෙන් රැස්වීමෙහි උණුසුම් තත්වයක් ඇති විය.
පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම්කාර්යාල ශ්රවණාගාරාය්දී අද (15දා) පැවැත්විණ.
මුදලට ඔට්ටු අල්ලමින් පැවති ක්‍රීඩාවක් පුත්තලම නගර සභාවේ හිටපු උප සභාපතිවරයා විසින් හජ්ජි උත්සව පැවති භුමියෙහිපැවැත්වීම වචන හුවමාරුවට හේතු විය. එම ස්ථානයට එදින පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි මහතා ක්‍රීඩාව කරමින් තිබූ මේස ඇතුළු දෑ පෙරළා දමා ආවේගාත්මක ලෙස හැසිරී තිබුණි.
එම සිද්ධිය මුල් කරමින් සබ්රි මන්ත්‍රීවරයා විරෝධය පාමින් කථා කිරීමත් සමග සම්බන්ධීකරණ රැස්වීමට එක්වූරාජ්ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට දැඩි විරෝධයක් මතු කර ඇත.
ඒ සමග දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා ද සබ්රි මන්ත්රිවරයාගේප්රකාශයට විරෝධය මතු කරමින් පවසා සිටියේ මෙය විනෝද ක්‍රීඩාවක් බවත්, එහි කිසිදු ආකාරයක නීති විරෝධී තත්ත්වයක් නොමැති බවත්ය.