රටෙන් භාගයක් නියඟයෙන් දැවෙයි
ඊයේ(15දා) දිනය වන විට වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම දිස්ත්‍රික්ක 13 කට ඇති වී තිබේ. මේ අනුව දිස්ත්‍රික්ක 13 ක පවුල් 52402කට අයත් 174009ක් දෙනා පීඩාවට පත්ව සිටිති.
පසුගිය 11 වන දින වන විට පීඩාවට පත්ව සිටියේ දිස්ත්‍රික්ක අටක ජනතාව පමණක් වන අතර, ගෙවීගිය දින 04 තුළ වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම තවත් දිස්ත්‍රික්ක 5 කට ඇති වී තිබේ. මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21999 කට අයත් 70238 දෙනකු පීඩාවට පත් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
සෙසු දිස්ත්‍රික්කවල තොරතුරු මෙසේය. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 4039 ක පුද්ගලයන් 14116 යි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2320 කට අයත් පුද්ගලයන් 7737 යි. පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 726 කට අයත් පුද්ගලයන් 2106 යි. කුරුනෑගල දිස්ත්‍රික්කයේ පවුල් 3041ක පුද්ගලයන් 9828යි. මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 35ක පුද්ගලයන් 122යි. මන්නාරම් දිස්ත්‍රික්කයේ පවුල් 952ක පුද්ගලයන් 3244යි. බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 329ක පුද්ගලයන් 1324යි.
වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450කට අයත් පුද්ගලයන් 1120යි. මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 140කට අයත් පුද්ගලයන් 485යි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1513කට අයත් පුද්ගලයන් 7512යි. මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892 කට අයත් පුද්ගලයන් 29508යි. අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739 කට අයත් පුද්ගලයන් 25891යි.

popular news
-
කමල්සිරි Wednesday, 16 August 2023 01:52 PM
රත්නපුර දිස්ත්‍රික්කයේ නම් ඕනෑකමින් ඇතිකරන නියගයක් තමයි බොහෝවිට තියෙන්නෙ මෙපමණ පෑවිල්ලක් තියෙද්දී මහා පරිමාණයේ ජල පොම්ප යොදාගෙන පතල් හාරමින් භූගත ජලය මුහුදට යැවීම කෙරෙනවා දවසේ පැය විසිහතර තුලදී කොපමණ ජලය ප්‍රමාණයක් භූමියෙන් පිට කලාම ලංකාව ආසියාවේ ආශ්චර්ය වීම 2048ට පෙරම කරන්න පුළුවන් වේවි නේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

