මොනරාගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙමින් පැවති කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියේ සියලු කටයුතු නතරකිරීමට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව කටයුතුයොදා ඇත.
වෙල්ලස්සේ වාරි අභිමානය යළි නගාසිටුවීමේ අරමුණෙන් 2017 ජනවාරි 28 වෙනිදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භකරන ලදි.
එවකට වාරිමාර්ග සහ ජල කළමනාකරණ ඇමතිවරයා ලෙස කටයුතුකළ ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතාගේ යෝජනාවක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භකරන ලදි.
කුඹුක්කන්ඔය බඩල්කුඹුර ප්‍රදේශයෙන් හරස්කොට අක්කර 827 ක්වූ ජලාශයක් ඉඳිකිරීමට සැලසුම්කර තිබුණු අතර එමඟින් මොනරාගල දිස්ත්‍රික්කයේ කෙත්වතු අක්කර 13,418 යලමහ දෙකන්නයේ ජලය සැපයීමට සැලසුම්කර තිබිණි.
ඊට අමතරව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට හැත්තෑපහකට පානීය ජලය සැපයීමටත් මෙගාවොට් 03 විදුලිය,ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමටත් නියමිතව තිබිණි.
ජලාශයට යටවන පල්ලේගම,මයිලගස්තැන්න,රත්තණදෙනිය යන ගම්මාන වලට අයත් පවුල් 350 ඉවත්කිරීමටත් ඔවුන්ට විකල්ප ඉඩම් සහ නිවාස ඉඳිකිරීමටත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව කටයුතුයොදා තිබිණි.
ජලාශයේ වම්ඉවුර සහ දකුණුඉවුර යටතේ ඇල මාර්ග ඉඳිකෙරන අතර ඇතිමලේ, කොටියාගල, තෙනගල්ලන්ද, ඉත්තෑකටුව,ඔක්කම්පිටිය යන ප්‍රදේශ වල කුඹුරු සඳහාද ජලය සැපයේ.
අලුතෙන් කුඹුරු අක්කර 8,440 සහ දැනට කුඹුරු කරන අක්කර 3,975 සඳහා යලමහ දෙකන්නයේ ජලය සැපයීමට නියමිතය.
ජලාශයේ වේල්ලේ උස මීටර් 52 වන අතර දිග මීටර් 403 කි.කිලෝමීටර් 5.5 උමං මාර්ගයකින් ජලය බඩල්කුඹුර ජලාශයේ සිට නක්කල ප්‍රදේශයට රැගෙනඑනු ලබයි.
මේවන විට රුපියල් මිලියන 200 පමණ මැනුම් කටයුතු සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා රජය විසින් වියදම්කර ඇති අතර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල් නොලැබීම නිසා ව්‍යාපෘතිය වසාදැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙසේ පියවරගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ ගොවිසංවිධාන රජයෙන් ඉල්ලා සිටින්නේ විදේශීය ආධාර ලබාගෙන හෝ මෙම ව්‍යාපෘතිය ආරම්භකරන ලෙසයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක

