මගීන්ට 80කට ගමන් කළ හැකි සුඛෝපභෝගි බස් සේවාවක් කොළඹට
මගීන්ට සිටගෙන යා හැකි ආකාරයේ සුඛෝපභෝගි බස්රථ සේවාවක් කොළඹ නගරය මූලික කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, වාහන ආයනයන සීමා ඉවත් වූ වහාම බස්රථ ගෙන්වීමට සැලසුම් කර තිබෙන බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යාංශයට මීට අදාළයෝජනාව ලබාදී තිබෙන බවත්, මීට අමතරව බස්රථ ගෙන්වීමට අදාළ ණය ලබා ගැනීම සඳහා බැංකු සමග සාකච්ඡාකර අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඉතිහාසයේ පළමු වතාවට මේ ආකාරයේ බස්රථ ලංකාවට ගෙන්වන බවත්, මෙම බස්රථයක මගීන් 80කට ගමන්කළ හැකි අතර, මෙම මගීප්රමාණායෙන් 24දෙනෙකුට හිදගෙන යාම දෙපැත්තේ ආසනදෙකක් පමණක් පවතින බවද හෙතෙම පවසා සිටියේය.
ලංකාවේ භාවිත කරනඕනෑම බැංකු කාඩ්පතකින් මෙම බස් රථවල ගාස්තු ගෙවිය හැකි ආකාරයේ උපකරණ සවිකිරීමට කටයුතු කරන බවත්, මෙම බස්රථවල ගමන් කරන පිරිස් සඳහා විශේෂ වරප්‍රසාද කිහිපයක් ලබාදීමටත් සැලසුම් කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
විද්‍යුත් බස්රථ ගෙන්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කර තිබෙන බවත්, මෙම සාකච්ඡාවලට අනුව මෙම සංවිධානයේ සහයෝගයෙන් විද්‍යුත් බස්රථ 50ක් ලබන වසරේ මුල් කාර්තුවේ ගෙන්වීමට සැලසුම් කර තිබෙනබවත් හෙතෙම පවසා සිටියේය.
ආනයන සීමා ලිහිල් කරදීමට කටයුතු කළහොත් මාස 03ක් තුළ මගීන් 80කට ගමන් කළ හැකි බස්රථ 50ක් ගෙන්වීමට අදාළ කටයුතුසිදුකර තිබෙන බවත්, මෙම බස්රථ බස් ප්‍රමුඛතා මාර්ගවල ගමන් කරමින් ජනතාවට කඩිනම් සේවාවක් ලබාදීමට ප්‍රවාහන බලධාරීන් සමග සාකච්ඡාකරතිබෙන බවත් සභාපතිවරයා පැවසීය.
popular news
-
M A P Hemachanra Wednesday, 16 August 2023 02:15 AM
This is not going to solve traffic congestion in colombo city. This will solve someone expectation. Gamunu ijerathne is a fool is bus trade.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

