saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 4202 hours ago

LATEST

දුරකතනයෙන් මාරයා එයි

calendar_today 2023 අගෝ 19 - 20:37 remove_red_eye - 407  

ජංගම දුරකතනයක් භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් අද (19දා) මිය ගොස් ඇත‍.

ආනයන සීමා ලිහිල් කිරීමෙන් දේශියව නිෂ්පාදනය වන ආදේශන භාණ්ඩ ආරක්ෂා කර ගැනීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

පසුගිය 16 දා කොලොන්න පොලිස් වසමේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ පැහැරගෙන ගොස් ඇති බවට කොලොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණ බව පොලස් මූලස්ථානය කියයි.

Read More

හම්බන්තොට - නව පොල්පිටිය 220 ක්V අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින්, හම්බන්තොට - නව පොල්පිටිය ‍රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නේ යැයි ලංවිම නිවේදනය කරයි.

Read More

මහනුවර ඇසළ උත්සවය හේතුවෙන් එළැඹෙන 26 දා දින සිට 31 දා දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය කාලසටහන පහත පරිදි වෙයි.

Read More

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ තුන්වැනි මහලින් සැකකටයුතු ලෙස බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ සිසුවා මිය ගිය බව කහතුඩුව පොලිසිය කියයි.

Read More

පාර්ලිමේන්තුව ලබන 22 සිට 25 දක්වා රැස්වීමට නියමිත බවත් ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 11 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් ඊයේ (17දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලෝක බැංකුවේ නියෝජිතයන් දැනුවත් කරන ලදී. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී ය.

Read More

සියඹලාන්ඩුව ප්‍ර දේශයේ මෙගා වොට් 100 සූර්ය බල විදුලි පද්ධතියක් ඉදිකිරීමේ ටෙන්ඩරය ලක්දනවි සමාගමට, වින්ඩ් ෆෝස් සමාගමට හා බ්ලූ සර්කල් සමාගම වෙත පිරිනමා තිබේ.

Read More

මාදම්පේ රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වු යුධ හමුදා ලාන්ස කෝප්‍රල් වරයකු වතු මුරකරුවන් හා පාලනාධිකාරිය එක්වි මාදම්පේ පොලිසියට 18 දින අලුයම භාර දීමට කටයුතු කර තිබුනී.

Read More

මේ වසරේ අදාළ නියමිත කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49දෙනෙකු පමණක් බව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

Read More

තෙල් සංස්ථාව විසින් මේ වසරේ පළමු මාස 06ක කාලය තුළදී රජයට රුපියල් බිලියන 105ක බදු මුදලක් ලබාදී තිබෙන බවත්, මීට අමතරව මෙම කාලය තුළදී රුපියල් බිලියන 84ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබෙන බව ඉන්ධන, විදුලිය, වරයා සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස ශෙනුකා සෙනවිරත්න මහත්මිය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. මේ අතර චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

Read More

සිදුකරන ලද පුරෝකථන අනුව එළඹෙන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් මේ වනවිට රට තුළ පවතින වී හා සහල් තොග පරිභෝජනයට ප්‍රමාණවත් බවත්, ඒ අනුව සහල් ආනයනය අවශ්‍ය නොවන බවත් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම්දී තිබේ.

Read More

තඹුත්තේගම මහවැලි ඉඩම් දේශපාලන ලැයිස්තුවෙන් බෙදුවාට විරෝධයක් එන බවට තොරතුරු වාර්ථා වී තඹුත්ත‌ේගම මහවැලි අධිකාරියේ පැවති උත්සවයට සහභාගී වීමට පැමිණි රොෂාන් රණසිංහ අමාත්‍යයවරයා ආපසු හැරී ගිය බවට වාර්තා වේ.

Read More

හෝමාගම කර්මාන්ත පුරයේ ඇති තීන්ත කර්මාන්ත ශාලාවේ ගින්නක් ඇති වී කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මේ මොහොත වෙන විට ගිණි ගන්නා කර්මාන්ත ශාලාව ඇතුළේ පිපිරිම් රැසක්ම ඇසෙන බවත්.තීන්ත හැදීමට ගෙන ආ කෙමිකල් බැරල් මේ වෙන විට පිපිරිමකට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.

Read More

පවතින නියඟය හේතුවෙන් ඊයේ (17දා) වනවිට වී ගොවීන් 35,653ක් පීඩාවට පත්ව ඇති අතර, හානියට පත්ව ඇති වී වගා කරන ලද අක්කර ප්‍රමාණය 38,903.83ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු.198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මේ බව නිවේදනයක් මගින් දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන් නියෝග කෙරිණි.

Read More

සාලම්බකුලම් ප්‍ර දේශයේ පිහිටි වව්නියා විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ පාසල් කිහිපයක් අතර පැවැති එල්ලේ තරගාවලියකට සහභාගීවම සඳහා පැමිණ සිටි පට්ටාන්චූර් ප්‍ර දේශයේ පාසලක පිරිමි ළමුන් දෙදෙනෙකු එල්ලේ තරගාවලිය අතරතුර එම ක්‍රිඩාංගණයෙන් පිටත ප්‍ර දේශයේ තිබූ වතුර වලක් ආසන්නයෙන් ඇවිදිමින් යාමේදී එම වලට වැටී දියේ ගිලී අනතුරක් සිදුව ඇත.

Read More

කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවෙකුට එම පාසලේම සිසුවෙකු අද (17දා) පිහියකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ 6 මහලේ ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීමට තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටියි. පරිගණක පද්ධතියේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට විශ්වාස කරයි.

Read More

සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුභසාධක ප්‍රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පැවසීය.

Read More

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

මෙම තහනම් උත්තේජක මගින ලිංගික බෙලහීනතාවය, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, වකුගඩු හා වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝග වලට ගොදුරු විය හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වා දී තිබේ.

Read More

මෙම වසර ඇතුළතදී සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල “තානායම” නමින් අලුතින් තානායම් 100ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපති, දුලිප් විජේසේකර මහතා පවසයි.

Read More

බියර් පානය කර පාසල් පැමිණි වයස අවුරුදු 14ක බාලවයස්කාර පාසල් සිසුවියක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව කැකිරාව පොලීසිය පවසයි.

Read More

දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මම සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගළපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.

Read More

යුද්ධය පැවති සමයේත් අප රටේ ආර්ථිකය ශක්තිමත්ව පැවතුණා. යුද්ධය පැවති වකවානුව තුළත් අප ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අද අපට හිමිකාරිත්වය සහ නියාමනය යන දෙයාකාරයෙන්ම රජය විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි.

Read More

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.