කළුතර මහේස්ත්රාත් අධිකරණයට දඩමුදල් ගෙව්මේදී රුපියල් 5000 ක හොර නෝට්ටුවක් ලබාදී ඇති පුද්ගලයකු ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
කළුතර මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
එදින මුදල් අයකැමි ලෙස රාජකාරි කර ඇති නිළධාරීනිය ලබාගත් මුදල් කළුතර නගරයේ බැංකුවකට මුදල් තැන්පත් කිරිමට යාමේදී හොර මුදල් නෝට්ටුවක් බවට හදුනාගෙන ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය
සැකකරු කළුතර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .