හික්කඩුව වන ජීවී කාර්යාලයට හදිසි ආපදාවන්ට ලක් වන අධි සංරක්ෂිත සත්වයන් රැගෙන යාමට රථ වාහන නොමැතිකමෙන් හදිසි ආපදාවන් හා ආබාධ සිදුව කරන්දෙණියේ නිවෙස් දෙකකට පැමිණි විල් මුව පැටව් දෙදෙනෙකුගේ ගා කැබැල්ලෑවකුගේ ජීවිත දැඩි අවදානම් තත්වයක ඇති බව එම නිවෙස් හිමියෝ කියති.
මෙසේ ආබාධයකට ආපදාවකට ලක්වූ අඩි තුනක් පමණ දිග කැබැල්ලෑවකු සහ විල් මුව පැටියකු කරන්දෙණියේ කැකිරිස්කන්ද ගම්මානයේ නිවසකටත් කරන්දෙණියේ අමරකීර්තිගම නිවසකට පැමිණි තවත් විල් මුව පැටියකු පැමිණ ඇති අතර එම සතුන් එම නිවෙස් දෙකට පැමිණ දින කිහිපයක්ම ගතවී ඇති බව එම නිවෙස් හිමියෝ කියති.
කැබැල්ලෑවට තුවාල සිදුව තිබෙන බවත් විල් මුව පැටව් දෙදෙනා බල්ලන් වැනි සතුන් ගෙන් බේරා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්වී ඇති බව ද ඔවුහු කියති.
මේ සතුන් තිදෙනා සම්බන්ධයෙන් හික්කඩුව වන ජීවී කාර්යාලය දැනුම්වත් කර ඇතත් තවමත් එම සතුන් රැගෙන යාමට එම කාර්යාලයෙන් නොපැමිණි බවද නිවෙස් හිමියෝ කීහ.
හික්කඩුව වන ජීවී කාර්යාලය සතුව සතුන් රැගෙන යාමට තිබූ එකම වාහනයේ අලුත්වැඩියාවක් සදහා එම වාහනයද එය අලුත්වැඩියා කරන ස්ථානයකට භාරදී තිබෙන බවත් මේ නිසා සමහර නිලධාරීන් ආපදාවන්ට ලක්වන සතුන් රැගෙන යන්නේ ඔවුන්ගේ පෞද්ගලික යතුරු පැදිවලින් බවත් අනාවරණයවේ.
කරන්දෙණියේ නිවාස දෙකකට පැමිණි මේ විල් මුව පැටව් දෙදෙනා සහ කැබැල්ලෑවා එසේ යතුරු පැදිවලින් රැගෙන යාමට නොහැකි බවත් එම සතුන් තිදෙනාම රැගෙන යාමට රථ වාහනයක් අවශම බවත් සිය ආයතනය මේ සම්බන්ධයෙන් අත්තිඩිය සත්ව පතිකාර මධයස්ථානයට දන්වා ඇති බවත් බොහෝවිට එම ආයතනයෙන් රථ වාහනයකින් පැමිණ මේ සතුන් තිදෙනාම රැගෙන යා හැකි බවත් හික්කඩුව වන ජීවී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි පකාශකයකු කීවේය.

