විමලසුරේන්ද්‍ර වාන් දමයි
කාසල්රි , මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර ප්‍රදේශවලට (29) දින පස්වරුවේ තද වැසි පතිත වු බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (29) දින මිලිමිටර් 26 ක සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 15.5 ක වර්ෂාපතනයක් පතිත වු බව එම ඉංජිනේරුවරයා පැවසිය.
මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 2 අගල් 09 දක්වා ආසන්න වි ඇති බවත්, මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 5 දක්වා ආසන්න වි ඇති බවත්, එම ජලාශයන් දෙකෙහිම ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේවරුන් පැවසිය.
මේ අතර විමලසුරෙන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට (29) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග (29) දින පස්වරුවේ සිට (30) දින අලුයම තෙක් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමු බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙකු පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

