යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා අද (30දා) ඉදිරිපත් කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් විදුලිබල මණ්ඩලයේ සේවාවන් කොටස් කිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය, තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ විදුලි කර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඉඩ විවර වන බව අමාත්‍යවරයා පවසයි.
සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහාය ඇතිව පසුගිය මාස 10 පුරා මෙම පනත් කෙටුම්පත සකස් කරන ලද බව අමාත්‍යවරයා පවසයි.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් යෝජිත සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් සංස්ථාගත කිරීමෙන් පසු පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ සහතිකය පසුගිය සතියේ ලැබුණ බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
අමාත්‍ය මණ්ඩලය විසින් පනත් කෙටුම්පත අනුමත කළ පසු එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.