පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
කෙසේ වෙතත් පසුගිය කාලය තුළ සරත් ෆොන්සේකා මහතා පළ කළ ඇතැම් ප්‍රකාශ පිළිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් ඔහු සමග සාකච්ඡා කළ බවත්, ඒ අනුව එකඟත්වයකට පැමිණි බවත් අද (30දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මාධෙවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ඉල්ලා නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ප්රශ්නය - සරත් ෆොන්සේකා පක්ෂය ඇතුළේ ඉඳලා යුද්ධය ප්‍රකාශ කරනවා. සරත් ෆොන්සේකා පක්ෂයෙන් ඉවත් වෙලා යන්නද හදන්නේ?
පිළිතුර - සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා පිළිබඳ මාධ්‍ය විවිධ පුවත් වාර්තා කරලා තිබුණා. එතුමා පිළිබඳ සමගි ජන බලවේගය තුළත් සකාච්ඡා කළා. පසුව ඔහු අපි මුණ ගැහුණා. ඔහු සමග සාකච්ඡා කළා. යම් යම් සීමා ඔස්සේ කටයුතු කරමු කියලා එකඟතාවකට පැමිණියා. ඒ හැර මාධ්‍යයේ පළ වන ආකාරයට සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමටවත් විනය පියවර ගැනීමටවත් කිසිදු සාකච්ඡාවක් සිදුකරලා නෑ. ඒක වැරදි කතාවක්.
ප්රශ්නය - එතුමා ඉල්ලන්නේ ජනාධිපති අපේක්ෂකකමද සජබයෙන්?
පිළිතුර - නෑ එතුමා කවදාවත් එහෙම දෙයක් ඉල්ලලා නෑ. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. ඒ තීන්දුවත් එක්ක තමයි අපි ඉන්නේ.