කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇම්බර් වර්ණයෙන් යුතු අවධානම් අනතුරු ඇඟවීමේ නිවේදන මෙලෙස නිකුත් කර තිබේ.
එමගින් රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, රත්නපුර, ඇහැළියගොඩ සහ කලවාන ප්රදේශවල මෙන්ම කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය ප්රදේශයටද මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ.
එසේම කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවල තවත් ප්රදේශ කිහිපයකටද කෑගල්ල, මහනුවර ගාල්ල යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට ද කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය ප්රදේශවලටද කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට සහ මතුගම ප්රදේශවලට මෙලෙස කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
එසේම මහනුවර දිස්ත්රික්කයේ උඩපළාත ප්රදේශයට ද කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්රදේශවලටද මෙලෙස කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
මේ අතර රත්නපුර දිස්ත්රික්කයේ කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ අයගම, ඇලපාත, කොලොන්න, පැල්මඩුල්ල, කහවත්ත, කිරිඇල්ල, ගොඩකවෙල සහ නිවිතිගල ප්රදේශවලටය.
අද (07) පස්වරු 4 සිට හෙට (08) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.