දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් කින් පාර්ලිමේන්තුවේදී අද (7දා) සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 103 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 58 ක් පමණි. ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.
යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කළේ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්රීවරු වෙති.