පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ මාධ්‍ය ආයතනය හෙළි කළ කරුණු වැරදි යැයි කීමට කාලය ගත නොකර ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස රජයට අවධාරණය කර සිටින බව නීතියේ ආධිපත්‍ය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ සම කැඳවුම්කරු ආචාර්ය හේරත් එම්. ආරියරත්න මහතා පවසයි .
මහනුවරදී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී එ් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට මේ වනවිටත් බොහෝ ප්‍රමාද වී ඇති බවයි .
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 260 ගණනකට අධික පිරිසක් මිය ගොස් තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්වූ බවත් ඔවුන්ට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබෙන බවත්ය .
චැනල් ෆෝ මාධ්‍ය ආයතනය මෑතක දී නිකුත් කළ වීඩියෝව මගින් පිල්ලියාන් නමැති මන්ත්‍රීවරයා සමඟ සිටි සමීපතමයෙකු වන මව්ලානා නැමැති පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරයට සෘජුව අණදුන් පුද්ගලයන් පිළිබඳ කරුණු අනාවරණය කරන බවත් එම කරුණු සම්බන්දයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් කාලය ගත නොකර ඒ සම්බන්ධයෙන් වහාම සොයා බැලීම වත්මන් රජයේ ද වගකීමක් වන බව හේරත් මහතා පවසයි .
එම හෙළිදරව්වෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුරේෂ් සලේ නැමැති බුද්ධි අංශ ප්‍රධානියා එම ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ශානි අබේසේකර පොලිස් නිලධාරියා එම විමර්ශන කටයුතුවලින් ඉවත් කළේ රන්ජන් රාමනායක මහතා විසින් හෙළිකරන ලද කරුණු මත පදනම්ව බවට ජනාධිපතිවරයා ගේ ප්‍රකාශය ප්‍රකාශය සඳහන්ව ඇති බව ද හේරත් මහතා පවසයි .
ඒ සම්බන්ධයෙන් හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ රංජන් රාමනායක මහතා එම ප්‍රකාශය සිදු කිරීමටත් පෙර ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතුවලින් ඉවත් කොට ගාල්ලට මාරු කොට යවා තිබූ බවත්ය .