අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (7) සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 16 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන අඅඅගාදැබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැකි බවත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත පසුගිය වර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වැනි දින සිට 16 වැනි දින දක්වා අවස්ථාව ලැබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.