අම්බලන්තොට මදයමලලන්ද ප්රදේශයේදී අම්බලන්තොට සිට කොග්ගල දෙසට ධාවනය වූ බස් රථයක සිටි කාන්තාවකට යතුරුපැදියෙන් පැමිනි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බස් රථය හරස්කර නවතා බස් රථයට නැග වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇතැයි පොලිස් මාධය ප්රකාශක කාර්යාලය සඳහන් කරයි.
වෙඩි ප්රහාරය හමුවේ තුවාල ලැබූ කාන්තාව ප්රථිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය 47 හැවිරිදි උතුරු කඩවර ප්රදේශයේ පදිංචිකාරියක බවත් සඳහන්.
තුවාලකාරිය පසුගිය ජූලි මස 19 වැනි දින කොග්ගල ප්රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පලමු සැකකරුගේ මව බවට අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වෙඩිතබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.