ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත ඒකකයේ කලාප අංක 2 හි පිහිටි කේන්ද්‍රීය උක්වගාවේ ජලය සැපයීම සඳහා හෙක්ටයාර් 02 පමණ විශාලත්වයෙන් ඉඳිකරන ලද වැවේ ජලය නිකුත්කිරීම ඉකුත් (07) වෙනිදා උදෑසන සුභමොහොතින් සිදුකෙරිණි.
මෙම වැව යටතේ නියං කාලයේදී හෙක්ටයාර් 10 උක් වගාවට ජලය සැපයීමට නියමිතය. ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා විසින් පළමු දියවර මුදාහැරීම සිදුකරන ලදි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
