ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (29) වැටලීම් කරන ලදී.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකරන බවට කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් ඊයේ දින අදාල ස්ථානය වැටලීම් කර එම නිතිවිරෝධී ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11ක්, වෛද්‍ය වාර්තා, විදේශ රැකියා අයදුම්පත්‍ර, බැංකු රිසිට්පත් ඇතුළු ලේඛන රැසක් ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.