ඇල්ල රාවණාඇල්ල 23/1 බෝක්කුව අසලදී අද (30) පෙරවරුවේ විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇති හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ඇල්ල පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .
මීට සුලු මොහොතකට පෙරදී මෙසේ විශාල පස්කන්දක් ගල්පර්වත සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයට කඩා වැටිණි .
මේ නිසාවෙන් ඇල්ල සිට වැල්ලවාය දෙසට සහ වැල්ලවාය සිට ඇල්ල දෙසට විශාල රථ වාහන පෝලිම් තිබෙන බවත් පොලිසිය සදහන් කළේය .
ඇල්ල වැල්ලවාය මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස වැල්ලවාය කොස්ලන්ද බෙරගල හපුතලේ බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන්නැයි ඇල්ල පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .
මේ අතර මාර්ගයට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත මාර්ග සංවර්ධන අධ්කාරිය සමඟ එක්වී ඉවත් කිරිමට කටයුතු කරන බවද පොලිසිය පවසයි .
ඇල්ල ප්රසාද් රුක්මාල්

