කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට අද 01 අලුයම හපුතලේ දියතලාව අතර ප්රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතු නිසා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය එම ස්ථානයෙන් මේ වන විට නවතා තිබේ. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව දුම්රිය ද ප්රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මාර්ග කම්කරුවන් යොදා පස් කන්ද ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පස් කන්ද කඩා වැටී ඇත්තේ මීට සතියකට පෙර පස් කන්ද කඩා වැටී දුම්රිය මාර්ගය අවහිර වූ ස්ථානය ආසන්නයෙනි.