අඩු මිලට ආයුධ අරගෙන වැඩි මිලට විකිණු තරව්කරුවෙක් අල්ලයි
අපරාධකරුවන්ගෙන් ගිනි අවි අඩු මුදලට ලබාගෙන වෙනත් අපරාධකරුවන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සමඟ විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්‍රීය පිස්තෝල අවියක්, එම පිස්තොල අවියට යොදන ලද 6.35 එම් එම් හිස් පතුරම් කොපු 01 ක්, රුසියාවේ සහ ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කු දෙකක්ද, පතුරම් තුවක්කු බැරල් 02 ක්ද, පොලිස් භාරයට ගෙන ඇත
විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත
තවද මෙම අත්අඩංගුවට ගත් ස්වංක්‍රීය පිස්තෝල අවිය රුපියල් 75000.00 ක මුදලකට අලවි කිරීමට සූදානම් කර තිබූ අතර බෝර 12 පතුරම් තුවක්කු ද ඔහු සන්තකයේ තිබූ අතර එම එක් අවියක් රුපියල් 60000.00 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටද කරුණු අණාවරණය වූ බව පොලිසිය කියයි
මෙම පුද්ගලයා අවි අලෙවි කිරීමේ ජාවාරම් වල නිරතවන පුද්ගලයෙකු වන අතර මොහු මෙම අවි වෙනත් පුද්ගලයින්ගෙන් රැගෙන ඒවා වැඩි මුදලට විකිනීමේ ජාවාරමේ යෙදී සිටි බවට විමර්ෂණ වලදී තහවුරු විය.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් පුගොඩ කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
