පාර්ලිමේන්තු පරිශ්රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ සංචාරක රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට අද (1දා) නිර්දේශ කළේය.
මේ අනුව එම තිදෙනාගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමේ නිර්දේශ ඇතුළත් වරප්රසාද සහ ආචාරධර්ම කමිටුවේ වාර්තාව එහි සභාපති හිටපු කතානායක මන්ත්රී චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කරනු ලැබීය. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනකදී බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිතය.