saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3983 hours ago

LATEST

වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට යාපනයෙන් විරෝධයක්

calendar_today 2023 මාර් 26 - 13:19 remove_red_eye - 556  

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ඉල්ලා ඊයේ (25) දින සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තායතන වල සේවකයින් සහ උක්ගස් සපයන ගොවීන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙන දිරිදීමනා වැඩි කිරීමට පාලනාධිකාරිය පියවරගෙන ඇතැයි ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා පැවසීය.

Read More

හදවත සහ පෙනහළු යන ශාරිරික අවයව දෙකම එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සිදු කළේය.

Read More

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

මඩකලපුව, කොකුවිල් පොලිස් වසමේ ත්‍රායිමඩු ස්විස් ගම්මානය ප්‍රදේශයේදී ඊයේ සවස දුම්රිය මාර්ගයේ ගමන් කිරම අවහිර කිරීමට විරෝධය පළ කරමින් මහජනතාව කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය නතර කරමින් පැය 3ක කාලයක් උද්ඝෝෂණයේ යෙදුනි.

Read More

වසර තුනක කාලසිමාවකට පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් චීනයේ ප්‍රධාන නගර තුනක් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ඉදිරි මාස හතර තුළ භාණ්ඩ 100 සිට 150 දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කරන බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.

Read More

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැන මහවැලි ගඟ හරහා පිහිනා ගිය රැඳවියෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසය කියයි.

Read More

අඟුරුවාතොට මුල් ගොඩ කන්දේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් එක් ලක්ෂ 4000 ක මුදලක් කොල්ල කෑ ප්‍රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.

Read More

රුපියල් කෝටි හතකට අධික වටිනා අධිබලධාරිතාවයෙන් යුත් මිළ අධික මෙරටට ආනයනය තහනම්වූ යතුරු පැදි 8 ක් සමග ව්‍යාපාරිකයකු රත්තනපිටිය, විශ්වවිද්‍යාල පාර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය දූෂණමර්දන ඒකකය මගින් ඉකුත් 24 වන දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

පානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගොස් රළ පහරට හසුව ගසාගෙන යමින් සිටී අඹුසැමි යුවළක්, 13 හැවිරිදි ගැහැණු දරුවෙකු ඇතුළු සිව් දෙනෙකුගේ දිවි බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීන් අද පස්වරුවේ සමත්ව ඇතැයි පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

Read More

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

‍‍‍‍සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර. දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනයට ජනපතිගේ අවධානය. පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට සැලසුම්.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 198කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දක්වා පලාගිය පුද්ගලයෙකු සොයා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

දේශද්‍රෝහීන් ලෙස තහනම් කර රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ සිටින බව ක්‍රීඩා අමාතත්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීවේය.

Read More

ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී අද (24දා) දින ඔවුන් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

Read More

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ ’’ආශීර්වාද දේව මෙහෙයයන් ’’ සිදු කිරීමට සූදානම් වූ පූජකවරයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් යුතු පිරිස වෙත ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ විරෝධතාව නිසා ආපසු ඉන්දියාවට හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 03/24 දින පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.

Read More

විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.

Read More

කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ 2023.03.23 දින පෙ.ව 8.30ට පමණ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ලාංකිකයෙකු අතුරුදන් වී තිබේ.

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. නව මිල ගණන් අද (24) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස පවසයි.

Read More

ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් 23 දින සවස මියගොස් ඇති බව පොලිසිය කියයි.

Read More

අවිනිශ්චිතව කටයුතු කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් අපේක්ෂා කරන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.03.24 දින ප්‍රකාශ කළේය.

Read More

මෙරට මුහුදු සීමාවේදී 2021.05.19 වැනි දින සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව සිදුව ඇති පරිසර හානිය සහ ඊට අදාළ වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් 2023.03.22 වැනි දින පැවති පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

ණය ප්‍රතිව්‍යුහගත නොකලානම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් ශ්‍රී ලංකාවට තිබුණ බවත් එය ගෙවීම අපහසු නිසා ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

විශ්ව සාම ෆෙඩරේෂනයේ (Universal Peace Federation ) උසස් නිලධාරීන් පිරිසක් දින 04 ක ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් 03/23 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read More

මේ අනුව රජය සතු ප්‍රධානම ව්‍යවසායන් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය (ශ්‍රී ලංකන් කේටරින් ඇතුළුව), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්, ශ්‍රී ලංකා ටෙලිකොම්, කැන්විල් හොල්ඩින් (ග්‍රෑන්ඩ් හයට් හොටෙල්), හොටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටඩ් (හිල්ටන් හොටෙල්), ලිට්‍රෝ ගෑස් සමාගම (ලිට්‍රෝ ග්‍රෑස් තොග ගබඩා පර්යන්තය ඇතුළු) මෙසේ පෞද්ගලීකරණය කිරීමට නියමිතය.

Read More

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය දිරිගැන්වීම සහ ඒවායේ පවතින මූල්‍යමය ගැටලු විසඳීම සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය සමඟ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.