සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ දැවෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද (30) පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීය. එහි දී සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු රැසක් විපක්ෂ නායකවරයා මෙහි දී ඉදිරිපත් කර සිටියේය.
ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාක්ෂණික රසායනාගාර නිමවුම් තනතුර සඳහා රසායනාගාර සේවාවේ සුදුසුකම් රහිත වරලත් ගණකාධිකාරවරයකු පත් කර ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන තනතුරට අවශ්‍ය සේවා සහ පළපුරුද්ද සනාථ කරන සහතික බොරු බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පිළිකා යන්ත්‍ර මිලදී ගැනීම් ක්ෂේත්රයේ විශාල මාෆියාවක් තිබූ බවත් නවීන පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයක් වන ලිනියර් ඇක්සලරරේටර් යන්ත්‍ර නොගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්රමුඛ පිරිසක් පරණ කෝබෝල් යන්ත්‍රය ගෙන්වීමට කටයුතු කරන බැවින් මෙම නව යන්ත්‍ර ගෙන්වීමේ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද කථානායකවරයා ඉල්ලා සිටියේය.
ඖෂධ මිලදී ගැනීමේ දී බරපතල ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. තවද ඖෂධ කර්මාන්තයත් පාරිභෝගිකයන්ටත් සහනයක් ලැබෙන මිල සූත්‍රයකට යන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ පුරප්පාඩු 3800ක් ඇති බවත් කණ්ඩායම් 2ක් බඳවා ගන්නවා කිව්වත් එක කණ්ඩායමක් පමණක් බඳවා ගෙන ඇති බවත් ඒ නිසා දෙවැනි කණ්ඩායමේ 1657ක් අනාථ වී ඇති බැවින් ඔවුන් ද බඳවා ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ