මුළු රටේම එළවළු මිල ඉහළ මට්ටමක පවතින අවස්ථාවක දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවකටත් වඩා වැඩි ප්‍රමාණයක් සපයන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක 30 දින වන විට පවතින බව එහි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක් රුපියල් දෙදහසක් තුන්දහසක් අතර ඉහල මිලයකට අලෙවි වෙද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 750ක් ලෙස සටහන්ව තිබීම විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීමේ අඩු ප්‍රවණතාවයක් පවතින බවත් එමෙන්ම එළවලු මිල දී ගැනීම් සඳහා පැමිණෙන වෙළඳුන් මිලදී ගන්නා ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
කෙසේ වෙතත් එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන තොග වෙළඳුන් සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානයෙන් රැගෙන යන එළවළු මිල ඉහළ යෑම නිසා කිලෝ එකකින් රුපියල් 50ක මුදලක් ලාභයක් ලෙස තබාගෙන අලෙවි කිරීම් සිදුකරන බව පවසති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 2023.11.30 දින පැවති තොග මිල මෙසේය
ගෝවා 300- 320
බෝංචි 490 - 500
ලීක්ස් 240 - 250
කැරට් 320 - 340
තක්කාලි 280 - 350
පිපිඤ්ඤා 100 - 120
වැටකොළු 330 -340
බණ්ඩක්කා 120 - 140
පතෝල 230 - 250
කරවිල 450 - 500
වට්ටක්කා 80 - 100
වම්බටු 250 - 280
එළබටු 310 - 340
දඹල 250 - 300
මෑ කරල් 250 - 270
දෙහි 700 - 750
මාලු මිරිස් 600 -650
අමු මිරිස් 750 - 800
