වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය නීතිඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (30දා) භාර වූවාය.
එලෙස භාර වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනී දීපිකා බුලත්සිංහල මහත්මිය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
එසේම ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්' නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරිය ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම හා මෙම අපරාධයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනීසිටින ලෙස කළ නියමය අනුව අධිකරණට නොපැමිණි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි මීට පෙර දින පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය, වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලීසියට නියම කරමින් ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.