ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු-මැද හා නැහෙනහිර පළාත්වල විටින් විට වැසි ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
උතුරු, නැහෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ද ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.