saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 356 hours ago

LATEST

හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්

calendar_today 2025 අගෝ 25 - 14:20 remove_red_eye - 723  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මණ්ඩලයේ තීරණය අනුව සිදු කරන බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමග සිටි සියලු රණවිරුවන් මේවන විට නාමල් රාජපක්ෂ මහතා වටා අත් වැල් බැද ගනිමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවන බවට තමා අභියෝග කරන බවත් විශ්‍රාමික රණවිරුවෙකු වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා පැවැසීය.

Read More

බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය.

Read More

මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.

Read More

ටයිෆූන් කජිකි සුළි කුණාටුව වියට්නාමයට පැමිණීමට පෙර එරට 586,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට නියෝග කර තිබේ.

Read More

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(25දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම නිදහස් කරන ලෙස සඳහන් කරමින් නෝර්වේහි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය X ගිණු​මේ සටහනක් තබා තිබේ.

Read More

බොරලැස්ගමුව, මාලනි බුලත්සිංහල මාවතේදී වා ගමනින් ගමන් කළ පුද්ගලයෙකුට ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍ර දේශයේදී අද අලුයම ලැගුම්හලකදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වැල්ලම්පිටිය පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදුව නොමැත.

Read More

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 150කගෙන් පමණ රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සැකකරු කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි 41 හැවැරිදි පුද්ගලයෙකි.

Read More

විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් හෙට(25දා) පැවත්වීමට නියමිතව තිබේ.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 276ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (24දා) සමත් විය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ කාරණයේදී විපක්ෂය එම ප්‍රශ්නයට නිසි ආකාරයෙන් මුහුණු නොදී විපක්ෂයේ දේශපාලන වුවමනාවක් මත ක්‍රියාකිරීමට යාම බරපතල ලෙස අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන බව ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේ සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා අත්අඩංගුවට ගැනීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

වැඩවර්ජනයට යාමට මූලික වුණු කරුණු 19න් 17කට මාසයක කාලයක් තුළ විසඳුම් ලබා දෙන බවට විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟත්වය පළ කිරීම සහ එය ලිඛිතව ලබා දීම හේතුවෙන් තැපැල් වැඩ වර්ජනය අවසක් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

Read More

අද (24) පස්වරු 04 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළ කළ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

Read More

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු ගති ලක්ෂණ ක්‍රමක් ක්‍රමයෙන් මැකී යන ආකාරයක් වර්තමානයේ දකින්ට තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 431ක් රැස් කිරීමට සමත් විය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විජලනකාරී තත්ත්වයකින් සහ සංකූලතා කිහිපයකින් පෙලෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

Read More

චෙටේෂ්වර් පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

මැදවච්චිය පොලිස් වසමේ යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ඊයේ (23දා) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු ගැටී මියගොස් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

වෙළෙඳපොළ ඉල්ලුම අනුව වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමට පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යොජනා වී තිබේ.

Read More

2024.10.29 දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

බොරලැස්ගමුුුුුවේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙවෙ තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 25 හැවිරිදි තරුණයෙකි.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ. හිටපු ජනපතිවරයා රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙසේ ඔහුව ජතික රෝහලට මාරු කර තිබේ.

Read More

’’එතුමා ඕක ගණන් ගන්නේ නෑ මට පේන විදිහට. දේශපාලනය කරනවානම් ඕවා උරුමයි. එතුමත් ඒකට මුහුණ දෙනවා. දේශපාලන නායකයෝ මේ වගේ පොඩි දේවල් වලට අල්ලලා හිර ගෙවල් වලට දාන එක නම් වැරදියි කියලා තමයි මට කියන්න වෙන්නේ. මේක හොඳ කාර්යයක් නෙමෙයි. පළි ගැනීම තමයි වෙන දෙයක් නෙමෙයි නේ.’’

Read More

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය.

Read More

තම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.