අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මේ අතර මෙම සිදුවීමට අදාළව හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිෂම අධිකරණයට දැනුම් දුන්නේය.
2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදු වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ සිදුවිමක් මත මෙම විමර්ශනය සිදුවෙයි.