2025 තෙවැනි කාර්තුවේදී සියයට 5.4ක වර්ධනයක්
2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව කෘෂිකාර්මික - 3.6%, කර්මාන්ත - 8.1% හා සේවා සේවා - 3.5% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. “වඩාත් වැදගත් දෙය නම්, බොහෝ දුරට සංස්ථාපිත සහ පෞද්ගලික අංශය හරහා පුළුල් වූ දේශීය ණය සැපයුම, ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්තා වූ 5.4ක වර්ධනයට උපකාරී වීමයි. 2025 තෙවන කාර්තුවේ දී මූල්‍ය ක්‍රියාකාරකම්වල වාර්තා වූ කැපීපෙනෙන වර්ධනය මගින් මෙය තවදුරටත් පිළිබිඹු වේ.
මීට අමතරව, සංචාරක පැමිණීම් වැඩිවීම, ආයෝජන භාණ්ඩ සැපයුම වැඩිවීම සහ අතරමැදි භාණ්ඩ ආනයන පිරිවැය අඩුවීම සිදුවිය. එම නිසා නිමවුම් කර්මාන්ත ආර්ථික කටයුතු කිහිපයක, ඉදිකිරීම් කර්මාන්තය සහ නවාතැන් හා ආහාර පාන සැපයීම, භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා ඇතුළත් බොහෝ සේවා ආර්ථික කටයුතුවල වාර්තා වූ වර්ධනයට මූලික විය.“ යැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

