මහනුවර සිට කොළඹ එන දුම්රිය මගීන්ට රඹුක්කන දක්වා බස් සේවාවක්
පාසැල් නිල ඇඳුම සහ වාර ප්‍රවේශ පත්‍රය නොමැතිව පාසැල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් යොදවා ඇති බස්රථ මඟින් පැසැල් වෙත යාමට අවශ්‍ය පහසුකම් සළසා දී ඇති බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනකරත්න මහතා පවසයි.
පැවති ආපදා තත්ත්වයෙන් පසු , හෙටින් ආරම්භ වන පාසැල් වාරය සඳහා ගමනාගමන මණ්ඩලයේ සූදානම පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති මාධ්‍ය දැන්වත් කිරීමේ හමුවකට එක්වෙමින් සහාපතිවරයා මේ බව පැවසීය.
මේ වනවිට ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 99% පමණ හැකි උපරිමයෙන් යථාවත් කර ඇති බවත් අද (15) වනවිට බස් රථ 4479 ක් ධාවනය සඳහා යොදවා ඇති බවත් දහවල් 12 වනවිට මිලියනක මඟින් ප්‍රමාණයක් ඔවුන්ගේ ගමනාන්තය කරා රැගෙන ගොස් ඇතැයි හෙතෙම පැවසිය.
එමෙන්ම නුවර - ගම්පොළ හරහා කොළඹ බස් රථ සේවාව , නුවර - වැලිමඩ බස් රථ සේවාව යළි ආරම්භ ඇති බවත් රඹුක්කන - කෑගල්ල බස් රථ සේවාව තර කර ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.
දුම්රිය සමඟ ඇති ඒකාබද්ධ කාලසටහන් අනුව බස් රථ සේවාව ආරම්භ කර ඇති බවත් මහනුවර සිට රඹුක්කන දක්වා පෙ.ව 4.15 සහ පෙ.ව 4.45 බස්රථ 2ක් පැමිණෙන බවත් එය රඹුක්කනින් පෙ.ව 5.57 සහ පෙ.ව 6.20 පිටත්වන දුම්රියට මඟින් ගෙන එන බවත් සඳහන් කළේය.
එසේම රඹුක්කන සිට නුවර දක්වා ප.ව 6.30 සහ ප.ව 7.00 බස්රථ 2ක් පිටත්වන බවත් කොළඹ සිට පැමිණෙන දුම්රිය ආපසු මෙම බස් රථ නුවර බලා පිටත් වන බවද පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

