කාන්තාවක් විසින් මෙහෙයවන ලද කොල්ල කල්ලියකට සම්බන්ධ දෙදෙනෙකු ඇතුළු එය මෙහෙය වු කාන්තාව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් 31 වැනි දින මීගොඩ ප්රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදි තුවාල සිදුකර රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා රන් මාලයක් සහ මුදුවක් කොල්ලා කෑමේ අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය මීගොඩ ගොඩගම හා බ්රැන්ඩිගම්පොල ප්රදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
කොල්ල කන ලද රන්මාලය සහ මුදුව මෙන්ම ඒ සඳහා පැමිණි යතුරුපැදිය මෙන්ම ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත
වයස අවුරුදු 24 හා 43 අතර පසුවන සැකකරුවා සැකකාරයන් හංවැල්ල ප්රදේශයේ පදිංචිකරුවන්ය.සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ ගොඩ පොලිසිය වෙත භාරදී ඇත.