අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් හට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති පුවතක් සූරියවැව පොලිස් වසමෙන් ඊයේ (05)සවස සිදු වූ බව සූරියවැව පොලීසිය පවසයි.
මෙම ඝාතනය සූරියවැව පොලිස් වසමේ පොල්පහ ප්රදේශයේ නිවසකදී සිදුව ඇති අතර,මෙලෙස මියගොස් ඇත්තේ, බැද්දේවැව බටහිර, සූරියවැව ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.
මරණකාරිය හා සැකකරු අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සැක පල කරයි. මේ වන විට ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බෙලිඅත්ත කවීෂා