ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා අද (06දා) මියගිය බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය කියයි.
මෙලෙස මියගියේ ත්‍රිකුණාමලය,කින්නියා ,මහරුප් නගර් පදිංචි මොහොම්මදු අලී උවයිස් මොහොම්මදු උභයතුල්ලා නැමැති අයයි.ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ බී වාට්ටුවේදී ඉකුත් 02දා මෙම පහරදීම සිදුවී ඇති අතර හිසට සිදුවූ තුවාල හේතුවෙන් තුවාලකරු ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
පහරදුන් හා පහරකෑමට ලක්වූ රැඳවියන් දෙදෙනා මත්කුඩු සම්බන්ධ නඩුවකට මෙලෙස බන්ධනාගාර ගත කර තිබ්යදී ඇතිවූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදුවී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි .
ත්‍රිකුණාමලය -චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව