ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු තම පක්ෂයේ කණ්ඩායම ඉන්දියාවේ සංචාරයකට ගියේ ඉන්දියානු රෝ ඔත්තු සේවය මගින් ඉන්දියානු රජයට ලබා දුන් තොරතුරක් මත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 06 දීන පස්වරුවේ දඹුල්ලේදී හෙළි කළේය.
එම තොරතුර සනාථ කරමින් එම පක්ෂයේ සමන්ත විද්‍යාරත්න මහතා ද කියා සිටියේ ඉදිරියේදී තවත් රටවල් කීපයක් සමග සාකච්ඡා කිරීමට ආරාධනා ලැබ තිබෙන බවත් ඒ අනුව නොබැඳී ප්‍රතිපත්තියක් අනුව විදේශ රටවල් සමග ගනුදෙනු සිදු කරන බවය.
ජාතික පුනරුදයක් වෙනුවෙන් ගොවිජන බලය ගොඩනගන මාතලේ දිස්ත්‍රික් ගොවි සමුළුව නමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කරනු ලැබූ ගොවි සමුළුවන් දඹුල්ල සති පොළ වෙළෙඳ සංකීර්ණයේදී 06 දින පැවැත්විණි.
එහිදී මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් සහ ජාතික ජනබලවේගයේ කණ්ඩායම පෙළපාලියකින් සමුළුව භූමියට ඇතුළු වී පක්ෂයේ නව ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට විය.
එහිදීම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නමල් කරුණාරත්න මහතා කියා සිටියේ තම පක්ෂයේ නායකයා අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම මේ වන විට ඉන්දියාවේ සිටින බවත් මෙම සංචාර ය ඉන්දියානු රජයේ නිල ආරාධනයක් බවත් එය රාජ්‍ය රාජතාන්ත්‍රික ගමනක් බවද ඉන්දියාවේ රහස් ඔත්තු සේවයක් වන රෝ සංවිධානය මගින් සිදුකල පරීක්ෂණයකදී ලංකාවේ මීලග ආණ්ඩු බලය මාලිමාවට ලබා ගැනීමට ඉඩ ඇති බව ඉන්දියානු රජයට වාර්තාකොට තිබීම නිසාවෙන් මෙම ගමනට පාදක වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
එම ප්‍රකාශයම සනාත බව ප්‍රකාශ කරමින් ගොවි සමුළුව ඇමතු සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ ඉන්දියානු මාධ්‍ය වාර්තාකර තිබුණේ මෙරට අනාගත ජනාධිපතිවරයා තම පක්ෂයෙන්ම මාලිමාව යටතේ සියයට පනහකට අධික ප්‍රතිඵල ලබා ගන්නා ඊළඟ බලය හිමි පක්ෂය සමඟ සාකච්ඡා කරන බවට වාර්තා කර තිබු බවය.
ඉන්දියානු ගමන ගැන කණ්ඩායමක් කලබල වී සිටින බවත් එසේ කලබලයක් නොවිය යුතු ලෙසද බවද පෙන්වා දෙන සමන්ත විද්‍යාරත්න කියා සිටියේ ඉන්දියාව ඇමෙරිකාව චීනය රටවල සමඟ රට පාවා නොදී නොබැඳී ප්‍රතිපත්තියක් තම සබදතා පවත්වාගෙන යන බවය.
එමෙන්ම දැනට බලය පවත්වාගෙන යන සහ බලය ඉල්ලන අනෙකුත් පක්ෂ සියල්ලම කණ්ඩායම් කිහිපයකට කැඩීම වෙන් වී තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.