මෙරට වතු කර්මාන්තය ආරම්භ කළ දා පටන්ම පහත රට වතු කම්කරුවන් වෙසෙන 'වත්ත' ලෙස හැදුන්වූ ගම්මාන නිදහස් ගම්මාන නමින් නම් කිරීමට සිය සංගමය තීරණය කළ බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය කියයි.
හැත්තෑ හය වන නිදහස් දිනයට සමගාමීව මේ නවමු වැඩසටහන කරන්දෙණිය දිවිතුර වතු ගම්මානයෙන් ආරම්භ කළ බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාඔඅති රුවන් ගාල්ලගේ මහතා කීවේය.
මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් දෙන වතු කම්කරුවන් වෙසෙන මේ ගම්මානවල වෙසෙන අහිසංසක ජනතාවට ගෞරවයක් ලබාදීමේ අරමුණින් මේ පියවර ගත් බවද ගාල්ලගේ මහතා කීය.
දිවිතුර වත්ත ලෙස හැදුන්වූ ගම්මානය දිවිතුර නිදහස් ගම්මානය ලෙස නම් කිරීමේ අවස්ථාවට එකසත් මානව හිමිකම් කොමසාරිස් පී. චාලස්,දමිළ වතු හිමියන්ගෙර් සිහල හඩ සංවිධානයේ සභාපති ලයනල් ගුනියන්ගොඩ,පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ ,ලේකම් යසස් පණ්ඩිතරත්න යන මහත්වරුන් ඇතුලු එම ගම්වාසීහු ඇතුලු විශාල පිරිසක් සහභාගීවූහ.
එහිදී ආරාධිතයින් හා ගම්වාසීන්ගේ සතුටු කදුළු හා අත් පොලසන් මැදින් මෙතෙක් කලක් දිවිතුර වත්ත ලෙස නම් කර තිබූ ගමේ නාම පුවරුව දිවිතුර නිදහස් ගම නමින් නම් කර තිබූ නාම පුවරුව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතාගේ කර උඩ නැගි එම ගම්මානයේ කුඩා දරුවකු එය විවෘත කළ අවස්ථාවයි මේ.

