සමගි ජන බලවේග රජයක් තුළ ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය විශ්වවිද්‍යාල බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම ආර්ථික ඝාතකයන් නීතිය හමුවට යොමු කර වන්දි ලබා ගන්නා තත්ත්වයට පත් කරන බව සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 88 වැනි අදියර යටතේ ඊයේ(06දා) අනුරාධපුර රාජාංගණය යාය 13/14 මහසෙන් ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.
&දූ දරුවන්ට ටකරන්, පොල්අතු වහල. රටේ පාලකයන්ට ජනාධිපති මන්දිරයයි, අරලියගහ මන්දිරයයි. මේ මන්දිර දෙකම මේ රටේ ජාත්‍යන්තර තලයට ඔබින ඉහළම මාදිලියේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාල දෙකක් බවට පත් කරනවා. මේ රටේ නායකයා හැටියට. පාලකයන්ට මන්දිර අවශ්‍ය නැහැ. මන්දිර තියෙන්න ඕනෑ මේ රටේ දරු පරපුරටයි, මේ රටේ පොදු ජනතාවටයි. දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් වුණත් ඔබ හැකියාවෙන් පොහොසත්. ඔබ දැනුමෙන් පොහොසත්. ඔබ කාර්ය ශූරත්වයෙන් පොහොසත්. ඔබගේ අධ්‍යාපන වරම ජාත්‍යන්තර තලයේ ගුණාත්මක භාවයෙන් ඉහළ වීම ඔබගේ අයිතියක්. ඒ යුතුකම අපි අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
බංකොලොත් රටේ පාලකයෝ පිනුම් ගගහා හොරා කන යුගයක රාජ්‍ය දේපල, රාජ්‍ය සම්පත්, රාජ්‍ය අරමුදල් මංකොල්ලකන යුගයක මම පැහැදිලිව කියනවා ඔබගේ අනාගතය සුරකින්නට, ආරක්ෂා කරන්නට අනිවාර්යෙන්ම රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයන් නීතිය හමුවට ගෙන එනවා පමණක් නෙවෙයි, අනිවාර්යෙන්ම ඒ අය රට දැය වෙනුවෙන් වන්දි ගෙවන තත්ත්වයකට අපි ගෙන එනවා. *