බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ඇත.
රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුව මෙම අවසරය ලබාදී තිබේ. මේ අනුව ඔහු බන්ධනාගාරගතව සිටින කාලය තුළදී පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට ඔහු ඉදිරියේදී එක්වෙනු ඇත.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ෙ ලිඛිතව දැනුම් දී ඇත.ෙ රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.